Kisaragi Station
Kisaragi Station – දුම්රියෙන් ගිහින් ආයෙත් ආපහු එන්න බැරි අභිරහස් දුම්රිය ස්ථානය
රෑට අන්තිම දුම්රියට නැගලා ගෙදර යන ගමනක් කොච්චර සාමාන්‍ය දෙයක්ද? හැබැයි ඒ සාමාන්‍ය ගමන එක පාරටම කවුරුත් නොදන්න, සිතියම්වලවත් නැති දුම්රිය ස්ථානයකින් නතර වුණොත්? එතනින් පස්සේ වෙන දේවල් පැහැදිලි කරන්න විද්‍යාවටවත් බැරි වුණොත්? ජපානයේ Urban Legends අතර අදටත් වැඩිපුරම මිනිස්සු කතා කරන කතාවක් තමයි Kisaragi Station.
ජපානයේ Horror Culture එක ගැන කතා කරනකොට Hanako-san, Teke Teke, Kuchisake-onna වගේ චරිත එක්කම නිතරම ඇහෙන නමක් තමයි Kisaragi Station. ඒක හොල්මනක් ගැන කතාවක් නෙවෙයි. යක්ෂයෙක් ගැනත් නෙවෙයි. ඒ වෙනුවට කිසිම සිතියමක නැති, නමුත් සමහර අය කියන විදියට ඇත්තටම ළඟා වෙන්න පුළුවන් අභිරහස් දුම්රිය ස්ථානයක් ගැන කතාවක්. මේ Urban Legend එකේ ලොකුම බය තියෙන්නේ ඒක අහද්දි "මේක වෙන්න පුළුවන් නේද?" කියලා හිතෙන එකයි.
මේ කතාව මුලින්ම ලෝකෙට දැනගන්න ලැබුණේ 2004 ජනවාරි මාසයේ. ජපානයේ 2channel කියන අන්තර්ජාල Forum එකේ "Hasumi" කියලා තමන්ව හඳුන්වපු කාන්තාවක් රෑ වෙලාවක Post එකක් දානවා. ඇය කියන්නේ තමන් හැමදාම යන දුම්රිය අද අමුතු විදියට හැසිරෙනවා කියලා. සාමාන්‍යයෙන් දුම්රිය හැම Station එකකම නතර වෙනවා. ඒත් එදා ඇය ගිය දුම්රිය විනාඩි විස්සකටත් වැඩි වෙලාවක් කිසිම තැනක නතර නොවී දිගටම යනවා. ජනේලෙන් බලද්දී පේන්නේ අඳුරු දර්ශන විතරයි. අවට කිසිම මනුස්සයෙක් නැහැ. වෙනදා දැකපු Station නම් එකක්වත් නැහැ. Forum එකේ ඉන්න අයත් මේ Post එක Live එකක් වගේ Follow කරන්න පටන් ගන්නවා.
ටික වෙලාවකට පස්සේ Hasumi කියනවා දුම්රිය අන්තිමේදී නතර වුණා කියලා. ඒ Station එකේ නම තමයි "Kisaragi Station." ප්‍රශ්නය තියෙන්නේ ජපානයේ Railway Network එකේ එහෙම Station එකක් නිල වශයෙන්ම නැති එක. Forum එකේ අය මුලින් හිතුවේ මේක Troll Post එකක් කියලා. ඒත් Hasumi දිගටම Updates දානවා. Station එකේ කවුරුවත් නැහැ. Ticket Gate එකේ සේවකයෙක් නැහැ. Announcement එකක්වත් නැහැ. හැම තැනම පුදුම නිශ්ශබ්දතාවයක් විතරයි. ඇය Station එකෙන් පිටතට ඇවිදගෙන යනවා. ටික දුරක් ගියාම හම්බවෙන්නේ එකම පාරක්. ඒත් ඒ පාරේත් කිසිම වාහනයක් නැහැ. කඩයක් නැහැ. ගෙයක් නැහැ. මනුස්සයෙක්වත් නැහැ. Forum එකේ අය ඇයට උපදෙස් දෙනවා පොලිසියට කතා කරන්න කියලා. ඇය උත්සාහ කරනවා. නමුත් කිසිම කෙනෙක් තමන් ඉන්න තැන හඳුනාගන්නෙ නැහැ. GPS තාක්ෂණය අද වගේ දියුණු නොවුණු කාලයක් නිසා ඇය ඉන්න තැන හොයාගන්නත් අමාරුයි.
ටික වෙලාවකට පස්සේ ඇය කියනවා ඉස්සරහින් දිග ටනල් එකක් පේනවා කියලා. Forum එකේ ගොඩක් අය කියනවා "ඒකෙන් යන්න එපා" කියලා. Horror කතාවල ටනල් කියන්නේ හොඳ ලකුණක් නෙවෙයිනේ. හැබැයි වෙන විකල්පයක් නැති නිසා ඇය ටනල් එක ඇතුළට යනවා. ඇය කියන විදියට ටනල් එක මැදදි අමුතු සද්ද ඇහෙනවා. කවුරුහරි පසුපසින් ඇවිදගෙන එනවා වගේ. ඒත් හැරිලා බලද්දී කවුරුවත් නැහැ. සමහර වෙලාවට බෙර ගහනවා වගේ ශබ්ද ඇහෙනවා. තවත් වෙලාවක දුරින් කෙනෙක් හිනාවෙනවා වගේ. Forum එකේ ඉන්න අයත් බය වෙන්න පටන් ගන්නවා. මුලින් විහිළුවක් කියලා හිතපු කතාව දැන් සැබෑවක් වගේ දැනෙන්න පටන් ගන්නවා.
ටනල් එකෙන් එළියට ආවට පස්සේ Hasumi කියනවා වයසක මනුස්සයෙක් හම්බවුණා කියලා. ඔහු අමුතු විදියට "ආපහු හැරෙන්න. මේ තැන ඉඳලා ඉක්මනින් යන්න." කියලා කෑගහනවා. ඒක ඇයට උදව් කරන්න කියපු අවවාදයක්ද, නැත්නම් තර්ජනයක්ද කියලා කාටවත් තේරෙන්නේ නැහැ.
ටික වෙලාවකට පස්සේ කෙනෙක් තමන්ව වාහනයේ දාගෙන යන්න කැමති බව කියලා Hasumi Forum එකට දැනුම් දෙනවා. Forum එකේ අය සැක කරනවා. නොදන්න කෙනෙක්ගේ වාහනයකට නගින්න එපා කියලා හැමෝම කියනවා. නමුත් ඇයට වෙන විකල්පයක් නැති නිසා ඇය ඒ වාහනයට නගිනවා. එතනින් පස්සේ ඇය දාන Messages වෙනස් වෙන්න පටන් ගන්නවා.
ඇය කියනවා Driver අමුතු විදියට හැසිරෙනවා කියලා. වාහනය යන්නේ කඳුකර පැත්තකට වගේ. අවට කිසිම ආලෝකයක් නැහැ. ජංගම දුරකථනයේ Battery එකත් ඉක්මනින් බහිනවා. අන්තිම Message එකේ ඇය ලියන්නේ තමන්ට දැන් ලොකු අනතුරක් දැනෙනවා කියලා.
ඊට පස්සේ...
නිශ්ශබ්දතාවය.
Hasumi නැවත කිසිම Post එකක් දාන්නේ නැහැ. කවුරුත් ඇය ගැන ආයෙත් කිසිම දෙයක් දැනගත්තෙ නැහැ. මේ සිදුවීමෙන් පස්සේ Kisaragi Station කියන නම ජපානය පුරාම ප්‍රසිද්ධ වෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ තවත් මිනිස්සු තමන්ටත් Kisaragi Station හම්බවුණා කියලා අන්තර්ජාලයේ අත්දැකීම් ලියන්න පටන් ගන්නවා. සමහර අය කියනවා තමන් දුම්රියෙන් ගිහින් නොදන්න Station එකක බැහැලා තිබුණා කියලා. තවත් අය කියනවා Station Board එකේ Kisaragi කියලා තිබුණා කියලා. සමහරු කියන්නේ එතනින් ආපහු සාමාන්‍ය ලෝකෙට එන්න පුළුවන් වුණා කියලා. තවත් සමහරු කියනවා පැය කීපයක් නැතිවෙලා හිටියා වගේ දැනුණත් ඇත්තටම දවස් ගාණක් ගිහින් තිබුණා කියලා.
මේ හැම කතාවක්ම ඇත්ත කියලා ඔප්පු වෙලා නැහැ. ඒත් එකම Pattern එකක් නැවත නැවත පේනවා. අමුතු දුම්රියක්. නොදන්න Station එකක්. හිස් පරිසරයක්. අමුතු මිනිස්සු. ආපහු එන්න අමාරු ගමනක්. ඒ නිසා ගොඩක් අය Kisaragi Station එක වෙනම Dimension එකක් කියලා හිතනවා. Parallel Universe එකකට යන දොරටුවක් කියලත් සමහරු විශ්වාස කරනවා. තවත් අය කියන්නේ මනුස්සයා අතරමං වෙන ආත්මික ලෝකයක් කියලා. ඇත්තටම මේ Urban Legend එකේ තිබෙන රහස තමයි ඒකට පැහැදිලි යකෂයෙක් නැති එක. භූතයෙක් නැති එක. බය වෙන්න හේතුව පරිසරයමයි.
හිතන්නකෝ...
ඔයා දන්න හැම Station එකක්ම අතුරුදන් වෙලා. Phone එකට Signal නැහැ. කතා කරන්න කෙනෙක් නැහැ. ආපහු යන්න Train එකක් නැහැ. හැම තැනම අමුතු නිශ්ශබ්දතාවයක් විතරයි. ඒක තමයි Psychological Horror කියන්නේ. ජපානයේ සංස්කෘතියේ "අතරමං වීම" කියන අදහසට විශේෂ තැනක් තියෙනවා. කැලෑවක, කඳුවල, ගම්වල හෝ වෙනත් ලෝකයක අතරමං වෙන කතා ගොඩක් තියෙනවා. Kisaragi Station ඒ සංකල්පය නූතන දුම්රිය පද්ධතියට ගැලපෙන විදියට වෙනස් කරපු Urban Legend එකක් වගේ. දුම්රිය කියන්නේ ජපානයේ මිනිස්සුන්ගේ දෛනික ජීවිතයේ කොටසක්. හැමෝම විශ්වාස කරන, වෙලාවට දුවන, නිවැරදි පද්ධතියක්. ඒ නිසා ඒ වගේ විශ්වාසදායක දෙයක් එක පාරටම අභිරහස් දොරටුවක් වෙලා පේන එක මිනිස්සුන්ට තවත් බයක් දෙනවා. Internet Culture එකත් මේ කතාව ජනප්‍රිය කරන්න ලොකු හේතුවක් වුණා. Hasumi Live එකේ වගේ Message දාපු නිසා කියවන අයටත් ඒ මොහොතේම සිද්ධිය ඇස් ඉස්සරහ වෙනවා වගේ දැනුණා. ඒ අත්දැකීම සාමාන්‍ය Horror Story එකකින් ලැබෙන්නේ නැහැ.
කාලයත් එක්ක Kisaragi Station ගැන Manga, Novels, Games සහ Horror Videos ගොඩක් හැදුණා. 2022 දී මේ Urban Legend එක පදනම් කරගෙන "Kisaragi Station" නමින් ජපන් Horror චිත්‍රපටයක් පවා නිර්මාණය වුණා. ඒකෙන් මේ කතාව අලුත් පරම්පරාව අතරත් ආයෙම ජනප්‍රිය වුණා. අදටත් ජපානයේ රෑ අන්තිම දුම්රිය ගැන කතා වෙනකොට, අන්තර්ජාලයේ Horror Communities වල Kisaragi Station නම අනිවාර්යයෙන්ම මතුවෙනවා. සමහර අය ඒක සම්පූර්ණ Fiction එකක් කියනවා. තවත් අය නම් "හැම Urban Legend එකක්ම කොහෙන් හරි පටන් ගන්නවා" කියලා කියනවා.
ඇත්ත කවුද කියලා අද වෙනකල් කවුරුවත් දන්නේ නැහැ.
ඒත් එක දෙයක් නම් ස්ථිරයි.
ඊළඟ වතාවේ ඔයා රෑ අන්තිම දුම්රියට නැගලා, සාමාන්‍යයෙන් නතර නොවෙන තැනක දුම්රිය නතර වුණොත්... ජනේලෙන් එළිය බලලා Station Board එකේ තියෙන නම හොඳට කියවන්න. මොකද ඒකේ "Kisaragi Station" කියලා ලියලා තිබුණොත්... ආපහු ගෙදර එන ගමන, ඔයා හිතන තරම් සරල එකක් නොවෙන්නත් පුළුවන්. කමෙන්ට් එකෙන් කියන්න, ඔයාට මැද රෑ හිස් දුම්රිය ස්ථානයක තනියම විනාඩි දහයක් ඉන්න සිද්ධ වුණොත්... ඉඳීවිද, නැත්නම් පළවෙනි මොහොතේම එතනින් දුවලා යනවද?
Click on the ad to support the blog

අදහස්
අදහසක් පළ කරන්න