Yakuza – ජපානයේ ලෝකයම බිය ගැන්වූ අඳුරු අපරාධ අධිරාජ්‍යය
Yakuza – ජපානයේ ලෝකයම බිය ගැන්වූ අඳුරු අපරාධ අධිරාජ්‍යය ජපානය ගැන කතා කරනකොට බොහෝ දෙනාගේ මතකයට එන්නේ සකුරා මල්, සමාජයේ විනය, උසස් තාක්ෂණය, Bullet Train, Anime වගේ දේවල්. ඒත් මේ හැම දේකම යටින් දශක ගණනාවක් පුරා ජපානයේ සෙවනැල්ලක් වගේ ජීවත් වූ තවත් ලෝකයක් තිබුණා. ඒ තමයි Yakuza කියන අපරාධ සංවිධාන. සාමාන්‍ය Mafia එකකට වඩා වෙනස්, තමන්ටම අයිති නීති පද්ධතියක්, සම්ප්‍රදායන්, ගෞරව කේතයක් සහ අමුතු සංස්කෘතියක් තිබුණු මේ සංවිධාන ජපානයේ ඉතිහාසයට ලොකු බලපෑමක් කරලා තියෙනවා. "Yakuza" කියන නම ආපු විදියත් හරිම අමුතුයි. ඒක පැරණි ජපන් කාඩ් ක්‍රීඩාවක තිබුණු "8-9-3" කියන නරකම අංක එකතුවෙන්. ජපන් භාෂාවෙන් ඒ අංක කියන්නේ "යා-කු-සා". ඒ අංක තුනෙන් ලැබෙන්නේ කිසිම වටිනාකමක් නැති අතක්. ඒ නිසා සමාජයෙන් ඉවත දමපු, සාමාන්‍ය ජීවිතයට නොගැළපෙන මිනිස්සුන්ටත් මේ නම භාවිතා වෙන්න පටන් ගත්තා කියලා කියනවා. Yakuza ඉතිහාසය අවුරුදු සිය ගණනක් පරණයි. එඩෝ යුගයේදී සමාජයෙන් පිළිගැනීමක් නැති වෙළෙන්දෝ සහ සූදු ව්‍යාපාරිකයෝ එකතු වෙලා තමන්ගේ කණ්ඩායම් හදාගත්තා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. කාලයත් එක්ක මේ කණ්ඩායම් ...